25.9 C
Galle

රෝහලෙන් පැන ගිය තවත් ආසාදිතයෙක් අල්ලා ගනී

Published:

වැලිකන්දේ ගල්ලෑල්ල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළාගොස් සැඟව සිටි පුද්ගලයකු අද (06) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ඔහු ඇතුළු පුද්ගලයන් 05 දෙනකු පසුගිය දෙසැම්බර් 31 වැනි දා අළුයම රෝහලෙන් පළා ගොස් තිබිණි. මීට පෙර එක් පුද්ගලයකු අත්අඩංගුවට ගත් අතර අනෙක් තිදෙනා ද සොයා විශේෂ මෙහෙයුම් දියත්කර ඇත.

අද අත්අඩංගුවට ගත් තැනැත්තා 52 හැවිරිදි වියේ පසුවන්නෙකි. ඔහුට සැඟවී සිටීමට අනුබල දුන් පුද්ගලයකු ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරච්චිකට්ටුව ආනවිලුන්දාව ප්‍රදේශයේ දී ය.

කොරෝනා ආසාදනය වී සිටි මෙම පුද්ගයා බස් රථ මගින් කුරුණෑගල, නාරම්මල, කුලියාපිටිය, වැලිපැන්න සහ හලාවත ප්‍රදේශවලට ගමන් කර ඇති බව ද ආනවරණ්‍ය වී තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!