28.2 C
Galle

WhatsApp නව කොන්දේසිවලට එකඟ නැත්නම් භාවිතයට අවසර නෑ

Published:

ජංගම දුරකථන භාවිතා කරන්නන් අතර බහුලව භාවිතා වන වට්ස්ඇප් යෙදුමේ නව කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව සමඟ එකඟ නොවන කිසිම පුද්ගලයකුට ලබන පෙබරවාරි 08 වැනි දා සිට එම යෙදුම භාවිතයට ඉඩ නොදෙන බව වට්ස්ඇප් සමාගම නිවේදනය කරයි.

වට්ස්ඇප් යනු මේ වනවි ශ්‍රී ලංකාවේ ද වීඩියෝ ඇමතුම්, හඩ පණිවිඩ හා කෙටි පණිවිඩ මෙන් ම සාමූහික කණ්ඩායම් සාකච්ඡා සඳහා ප්‍රචලිතව ඇති යෙදුමකි. එම සමාගම නව කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව පෙබරවාරි 08 වැනි දා සිට වෙනස් කිීමට නියමිතය. ඔවුන් වසන්නේ සියලු පරිශීලකයන් ඒ සමඟ එකඟ විය යුතු බවයි.

එම ‍සමාගම විසින් කරනු ලබන නව වෙනස්කම් අනුව වට්ස්ඇප් යෙදුම හරහා සිදුකරනු ලබන ක්‍රියාකාරකම් නිරීක්ෂණය සඳහා ෆේස්බුක් සමාගමට අවස්ථාව හිමින අතර එම දත්ත වාණිජමය අරමුණු සඳහා යොදා ගැනීමට ද ඉඩ ලැබීමට නියමිතය.

Related articles

Recent articles

error: Content is protected !!