28.2 C
Galle

නව ස්මාරකයකට මුල්ගල් තබති. යාපනයේ උද්ඝෝෂණ අවසන්

Published:

යාපනය විශ්වවිද්‍යාලයේ නව යුද සැමරුම් ස්මාරකයක්ක ඉදිකිරීම සඳහා උපකුලපතිවරයා විසින් අද (11) උදෑසන මුල්ගල් තැබීමත් සමඟ ශිෂ්‍ය උපවාසය අවසන් කෙරිණි.

2018 වර්ෂයේ දී ඉදිකරන ලද යුද ස්මාරකය පසුගිය 08 වැනි දා රාත්‍රී බැකෝ යන්ත්‍රයක් යොදා ඉවත් කිරීමත් සමඟ කලහකාරී තත්ත්වයක් ඇතිවූ අතර එය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය ද කැඳවීමට සිදුවිය. මේ ස්මාරකය ඉවත්කිරීමට විරෝධය දක්වමින් සිසුන් මාරාන්තික උපවාසයක් ද ආරම්භ කර තිබූ අතර අද උතුරු හා නැගෙනහිර පළාත්වල හර්තාල් පැවැත්වීමට ද සුදානම් කර තිබිණි.

කෙසේ වෙතත් ඊයේ (10) රාත්‍රී යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති ශ්‍රී සත්ගුණරාජා සහ සිසුන් අතර පැවැති සාකච්ඡාවකින් පසු අද උදෑසන ශිෂ්‍යයන්ගේ ද සහභාගීත්වයෙන් නව ස්මාරකයක් සඳහා මුල්ගල් තැබීමෙන් අනතුරුව සිසුහු සිය උපවාසය අතහැර දැමූහ. පැවැත්වීමට නියමිතව තිබූ හර්තාලය ද අතහැර දමා ඇතැයි පැවසේ.

උපවාසයේ නිරතව සිටි සිසුන් එය අතහැර දැමුවේ උපකුලපතිවරයා විසින් ලබා දුන් කැඳ වීදුරුවක් පාන කරමිනි.

Related articles

Recent articles

error: Content is protected !!