28.2 C
Galle

MOH උපන්දින පාටි දාලා. අයෙකුට කොරෝනා.

Published:

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයකුගේ උපන්දිනය වෙනුවෙන් බද්දේගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුගේ නිවසේ පැවැත්වූ සාදයකට පැමිණි පුද්ගලයකු කොරෝනා ආසාදිත බව ඊයේ (10) තහවුරු වී තිබේ. මෙම මන්ත්‍රීවරයා ප්‍රවාහනයට සම්බන්ධ ආයතනක සභාපති ධූරය ද දැරූ අයෙකි.

මෙම සාදය පවත්වා ඇත්තේ පසුගිය (06) වැනි දා ය. වෛද්‍යවරයාගේ උපන්දින සාදයට සහභාගී වූ බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ද ඊයේ සිට නිරෝධායනයට යොමුකර ඇතත් උපන්දිනය සැමරූ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා අද (11) උදෑසන සිය කාර්යාලයට පැමිණ තිබිණි. කොරෝනා ආසාදනය වූ තැනැත්තා එම උප සභාපතිවරයාගේ රියදුරකු ලෙස ද කටයුතු කරයි.

සෞඛ්‍ය උපදෙස වන්නේ ප්‍රිය සම්භාෂන, උපන්දින සාද ආදිය නොපවත්වන ලෙස වුව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වරයකු මෙලෙස කටයුතු කිරීම ගැටලු සහගතය.

Related articles

Recent articles

error: Content is protected !!