26.8 C
Galle

ගාල්ල නගරයේ යළි කොරෝනා අවදානමක්

Published:

ගාල්ල නගරයේ යළිි කොරෝනා අවදානම් තත්ත්වයක් හටගෙන තිබේ. ඒ කළු‍වැල්ල ප්‍රදේශයෙනි.

ස්වර්ණාභරණ කර්මාන්තය සඳහා ප්‍රසිද්ධියක් උසුළන කිත්තංගේ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ අද (11) කොරෝනා ආසාදිතයන් 09 දෙනකු වාර්තා වී තිබේ. ඊයේ (10) දිනයේ දී ද එම ප්‍රදේශයෙන් ආසාදිතයන් 12 දෙනකු වාර්තා වූ බැවින් දින දෙකේ දී වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 21 දෙනෙකි.

සෞඛ්‍ය අංශ පවසන්නේ මෙම ආසාදිතයන් සියලු දෙනා මේ වනවිට කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බවයි. ඔවුන්ගේ ආශ්‍රිතයන් හඳුනාගෙන ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

මීට පෙර ගාල්ල නගර සීමාවේ මිලිද්දුව ප්‍රදේශයේ ඇති වූ කොරෝනා පොකුරක් ඇතිවීම හේතුවෙන් එම ප්‍රදේශයේ සංචරණ සීමා පවා පැනවීමට සිදුව තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!