26.8 C
Galle

කොග්ගල මුහුදේ තරුණයෙක් අතුරුදන්

Published:

කොග්ගල මෝදරගොඩ පාලම අසළ මුහුදේ අද (11) සවස දිය නෑමට ගිය තරුණයකු අතුරුදන්ව ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ ඉමදුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. තවත් සිව් දෙනකු සමඟ අද සවස කොග්ගලට පැමණි ඔහු දෙදෙනකු සමග මුහුදේ දිය නාමින් සිටිය දී ගසාගෙන ගොස් ඇත. පොලිසි පවසන්නේ අනෙක් තරුණයන් දෙදෙනා බේරාගෙන කරාපිටිය ශික්ෂණ රෝහලට යැවූ බවයි.

අතුරුදන් වූ තරුණයා සෙවීමට ප්‍රදේශවාසීන් හා නාවික හමුදාව උත්සාහ ගත්ත ද රාත්‍රී වනතුරුම ඔහු සොයාගැනීමට නොහැකි වී ඇත.

කොග්ගල ඔය මුහුදට එක්වන්නේ මෙම ස්ථානයෙනි.

Related articles

Recent articles

error: Content is protected !!