26.8 C
Galle

පිල්ලෙයාන්ට එරෙහි නඩුව ඉල්ලා අස්කරගනී

Published:

පාර්ලිමේන්තු මන්ත්‍රී පිල්ලෙයාන් හෙවත් ෂිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්ට එරෙහිව විභාග වූ ජෝසෆ් පරරාජසිංහම් ඝාතන නඩුව ඉල්ලා අස්කරගන්නා බව නීතිපති දෙපාර්තමේන්තුව අද (11) මඩකලපුව මහාධිකරණයට දැනුම් ‍දී තිබේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් චන්ද්‍රක්න්තන් ඇතුළු 05 දෙනකුට එරෙහිව චෝදනා ගොනුකර තිබිණි. මඩකලපුව මහාධිකරණයේ දී නඩුව අද යළි විභාගයට ගත් අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට අදහස් නොකරන බවයි.

ඒ අනුව ලබන බදාදා මහාධිකරණයේ දී තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

Related articles

Recent articles

error: Content is protected !!