26.8 C
Galle

PHI ට බැන්න තිදෙනෙක් උසාවියට

Published:

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කරමින් අසභ්‍ය වචනයෙන් බැන වැදුණු පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව වැල්ලවාය පොලිසිය පවසයි.

වැල්ලවාය යාලබෝව ප්‍රදේශයෙන් පසුගිය 10 වැනි දා කොරෝනා ආසාදිතයන් 04 දෙනකු වාර්තා වීම හේතුවෙන් ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා නිරෝධායනයට යොමු කරමින් සිටිය දී ඔවුන් මෙලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බැන වැදී ඇත.

වැල්ලවාය බස් නැවතුම්පොළේ වෙළෙඳ සැළක ආශ්‍රිතයන් සිටින බැවින් එතැනට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගිය අවස්ථාවේ මුහුණු ආවරණ පවා නොමැතිව සිටි මේ තිදෙනා ඔවුන්ට බැන වැදී ඇත. බැන වැදීමට හේතුවී ඇත්තේ මුහුණු ආවරණ පළඳින ලෙස කරන ලද දැනුම් දීමයි.

පොලිසිය පවසන්නේ සැකකුරුවන් තිදෙනා ඊයේ (11) අත්අඩංගුවට ගත් බවයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් වැල්ලවාය පොලිසියට සිදුකළ පැමිණිල්ලක් අනුව සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය පවසන්නේ ඔවුන් තිදෙනා අද (12) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

Related articles

Recent articles

error: Content is protected !!