26.3 C
Galle

කොළඹ දී පැනගිය ආසාදිතයා සොයා ගනී

Published:

කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථනයකට රැගෙන යමින් සිටිය දී  අද (13) කොළඹ දී පැන ගිය ආසාදිත පුද්ගලයා ‍ගිංතොට තුනී ලෑලි සංස්ථාව ආසන්නයේ දී සොයාගත හැකි වූ බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

කොළඹ සිට පොදු ප්‍රවාහන සේවා භාවිතා කරමින් ගිංතොට දක්වා පැමිණ ඇති ඔහු එතැන් සිට වක්වැල්ලේ සිටි නිවස දක්වා පයින් ගමන් කරමින් සිටිය දී සොයාගෙන තිබේ.

සෞඛ්‍ය අංශ පවසන්නේ ඔහුගේ නිවස අසළ පිහිටි වක්වැල්ල ශ්‍රී ගෝතමාරාම පුරාණ විහාරාධිපති බැරගම සුමන හිමියන්ගේ මැදිහත්වීමෙන් එම පුද්ගලයා සොයා ගැනීමට හැකි වූ බවයි. හිමියන් විසින් ඔහුගේ ජංගම දුරකථනයට කතාකර කරුණු පැහැදිලි කරදීමෙන් පසු ඔහු තමන් සිටින ස්ථානය දැනුම් දී‍ සෞඛ්‍ය අංශ පැමිණෙන තුරු එම ස්ථානයේ ම නතරවී ඇත.

උඩුගම රෝහලේ ගිලන්රථය මගින් අද රාත්‍රියේ ම ඔහු කොරෝනා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යැවීමට කටයුතු කර තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!