26.3 C
Galle

තමන් නිවසේ සිටින බවත් හෙට පීසීආර් කරන බවත් පාදෙණිය මාධ්‍යයට කියයි

Published:

තමා මේ වනවිට සිය නිවසේ ස්වයං නිරෝධායනය වෙමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පවසයි.

ඔහුගේ නිවසේ පසුගියදා පැවති ප්‍රිය සම්භාෂණයකට සහභාගී වු වෛද්‍යවරයෙකු කොවිඩ් -19 වෛරස ආසාදිතයෙකු ලෙස තහවුරුවීමත් සමග පාදෙණිය එම ආසාදිතයාගේ පළමු පෙළ ආශ්‍රිතයෙකු ලෙස හඳුනාගැණුනි.

ඒ අනුව අදාළ නිරෝධායන කටයුතු සඳහා ඊයේ (13) රාත්‍රීයේ සහ අද (14) පෙරවරුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියා විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ නිවසට ගොස් තිබුණත් ඒ සඳහා ඔහුගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී තිබුනේ නැත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මෙසේ කියයි.

“PHI මහත්තයා එන වෙලාවේ මම කොළඹින් පිට හිටියේ. අපේ ගෙදර මෙහෙකාරිය මාස 6කින්වත් ගෙදර ගිහින් තිබුණේ නෑ. එයාව බස් රථයකින් ගෙදර යවපුවාම රෝගය පැතිරීමට ඉඩකඩ තිබෙන නිසා මම මගේ වාහනයෙන් රත්නපුරට ගිහින් දාලා ආවා. ඒ අතරතුර තමයි මේ කියන PHI මහත්තයා ඇවිල්ලා තියෙන්නේ. දැන් මම ගෙදර ඇවිල්ලා ඉන්නේ. මම ගියේ මගෙ වාහනයෙන්මයි. මග රැඳීසිටීමක් සිදුකරලා නෑ. හෙට උදේ මගේ PCR පරීක්ෂණයක් කරනවා කිව්වා. එතෙක් මම ගෙදර ස්වයං නිරෝධායනය වෙලා ඉන්නවා,” 

Related articles

Recent articles

error: Content is protected !!