26.3 C
Galle

වැලිගම මාස දෙකක බිළිඳෙක් මරුට

Published:

වැලිගම පදිංචිව සිටිය දී ඊයේ (14) සවස මාතර රෝහලේ දී මියගිය මාස දෙකක් වයසැති බිළිඳාට කොරෝනා වයිරසය ආසාදනය වී තිබූ බව සෞඛ්‍ය අංශ පවසයි. මියගිය පසු කරන ලද පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල අද (15) සවස ලැබී තිබිණි.  

එම බිළිඳාගේ මව කොරෝනා ආසාදනය වීම හේතුවෙන් කඹුරුගමුව කොරෝනා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කර සිටි අතර මෙම බිළිඳා උපතින්ම හදවත් රෝගයකින් පීඩා විදීම හේතුවෙන් මව සමඟ රෝහලට නොයවා මවගේ වැඩිමහළු සොහොයුරියක භාරයේ තබා තිබිණි. ඊයේ සවස බිළිඳා රෝහලට ඇතුළත් කර ඇත්තේ ඇය විසිනි.

මාතර රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසන්නේ ‍එම දරුවාගේ සිරුර ආදාහනය නොකර ලබා දෙන ලෙස ප්‍රබල අමාත්‍යවරයකු සහ මාතර දිස්ත්‍රික්කයේ දේශපාලන බලවතකුගෙන් දැඩි බලපෑමක් එල්ල වෙමින් තිබෙන බවයි.

Related articles

Recent articles

error: Content is protected !!