අම්බලන්ගොඩ කමර්ෂල් බැංකු ශාඛාවේ 04 දෙනකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් එම බැංකුව විෂබීජහරණය කරන බව අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
අද (16) සෙනසුරාදා දිනයේ සාමාන්‍යයෙන් බැංකුව ගනුදෙනු කරුවන් සඳහා විවෘත වන්නේ නැත. එසේ වුව ද එහි සේවක සේවිකාවෝ අභ්‍යන්තර සේවා කටයුතුවල නිරත වෙති. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ බැංකු සේවකයන් සියලු දෙනා පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකළ බවයි.


