මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයෙන් කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලන් 29 දෙනකු හඳුනාගත් බවත් ඔවුන්ගේ ආශ්‍රිත වූ 236 දෙනකු මේ වනවිටත් නිරෝධායනයට යොමුකර ඇති වත් කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
මාළිගාවේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියකු රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් කරන ලද පීසීආර් පරීක්ෂනයකින් හෙතෙම ආසාදිත බව හඳුනාගෙන තිබිණි. පසුව අහඹු ලෙස කරන ලද ඇන්ටිජන් පරීක්ෂණවලින් තවත් නිලධාරීන් 03 දෙනකු ආසාදිත බව හඳුනාගැණිනි. මේ හේතුවෙන් 200ක පමණ නිලධාරීන් පිරිසක් නිරෝධායනයට යොමුකර වෙනත් ොලිස් ස්ථානවලින් නිලධාරීන් 180ක් මාළිගාවට අනුයුක්ත කළ බව මහනුවර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ පවසයි.
නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් සඳහා කරන ලද පරීක්ෂණවලින් තවත් ආසාදිතයන් 25ක් හඳුනාගෙන ඇත.
දළදා මාළිගාවට පැමිණෙන සියලුම දෙනා සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම අනිවාර්ය කර තිබූ අතර හුදකලා කර ඇති අවදානම් ප්‍රදේශවල සිට දළදා මාළිගාවට කිසිවෙකුට පැමිණීමට ඉඩ ලබා නොදීමටත් ක්‍රියාකර තිබිණි. එසේ වුව ද වසා දමා ඇති රටක්වන යුක්රේනයේ සිට මෙරටට පැමිණි සංචාරකයෝ පිරිසක් දළදා මාළිගා පරිශ්‍රයේ සංචාරයක නිරත වූ අතර ඔවුන් මාළිගාව වෙත ඇතුළු කර තිබුණේ ද වෙනත් දොරටුවකිනි.
ඊට මාළිගාව ඉදිරිපිට දී හිමිනමක් දැඩි විරෝධයක් ද දැක්වූහ.


