25.1 C
Galle

දකුණේ අවදානම තවත් ඉහළට

Published:

දකුණු පළාතෙන් අද (17) කොරෝනා ආසාදිතයන් 84 දෙනකු වාර්තා වූ බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ පවසයි.

වැඩිම ආසාදිතයන් අද දිනයේ වාර්තා වී ඇත්තේ මාතර දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 42කි. මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 25ක් වන අතර ඉන් 24 දෙනකුම අකුරැස්ස නගරයේ මහජන පොළ පරිශ්‍රයේ වෙළෙන්දන්වීම විශේෂත්වයකි. මාලිම්බඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 07ක් වාර්තා වන අතර වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 03 දෙනකු හා මාතර නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් දෙදෙනකු වාර්තා වෙයි. ඊට අමතරව දෙවිනුවර, දික්වැල්ල, කඹුරුපිටිය, තිහගොඩ හා වැලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලින් එක් ආසාදිතයකු බැගින් වාර්තා වෙයි.

ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ සමස්ථ ආසාදිත සංඛ්‍යාව 615 දෙනෙකි.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් අද දිනයේ ආසාදිතයන් 28 දෙනකු වාර්තාවන අතර ‍හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ දොඩන්දූව ප්‍රදේශයෙන් එක් කොරෝනා මරණයක් ද වාර්තා විය.

ගාල්ලේ වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වන්නේ බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි. එම සංඛ්‍යාව 07 දෙනෙකි. බලපිටිය හා හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලින් ආසාදිතයන් 05 දෙනකු බැගින් වාර්තා වන අතර අක්මීමණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 04 දෙනෙක්,

 ගාල්ල මහ නගර සභා බලප්‍රදේශයෙන් ආසාදිතයන් 03 දෙනෙක්, හික්කඩුවෙන් 02දෙනෙකේ, රත්ගමින් හා බද්දේගමින් එක් ආසාදිතයකු බැගින් වාර්තා වෙයි. ගාල්ල දිස්ත්‍රික්කයේ මේ දක්වා වාරේතා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 960කි.

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 14 දෙනෙකෙි. ඉ්න වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වා‍ර්තා වන්නේ තංගල්ලෙනි. එම සංඛ්‍යාව 06 සෙවෙනිත වීරකැටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 04 දෙනෙක්, වලස්මුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 03 දෙනකු හා සූරියවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් එක් ආසාදියකු වශයෙන් වාර්තා වෙයි. මේ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 176 දෙනෙකි.

දකුණු පළාතේ කොරෝනා ආසාදිත වූ මුළු සංඛ්‍යාව 1751ක් වන අතර මේ වනවිට රෝහල්ගතවී සිට සුවය ලබා යළි නිවෙස් වෙත පැමිණ සිටින සංඛ්‍යාව 906ක් බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!