25.1 C
Galle

දළදා මාළිගාවෙන් විශේෂ නිවේදනයක්

Published:

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ පොලිස් සථානයකට අනුයුක්තව රාජකාරී කළ පොලිස් නිලධාරීන් පිරිසකට කොරෝනා වැළඳී ඇතැත් මාළිගාවේ කාර්ය මණ්ඩලයේ කිසිවෙකුට කොරා්නා ආසාදනය වී නැතැයි දළදා මාළිගාවේ මාධ්‍ය ඒකකය නිවේදනය කර සිටියි.

මේ වනවිට මාළිගාවට අනුයුක්තව සිටි සියලුම පොලිස් නිලධාරීන් නිරෝධායනයට යොමුකර වෙනත් පොලිස් ස්ථානවලින් නි‍ලධාරීන් අනුයුක්ත කර ඇති බවත් එම නිවේදනයේ දැක්වේ.

ශ්‍රී දළදා මාළිගාවට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙල අඛණ්ඩව සිදුවන බවත් මල්වතු අස්ගිරි මහ නාහිමිවරුනගේ අනුශාසනා පරිදි දියවඩන නිළමේ තුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ දෛනික පුද පූජා සිදුකරන බවත් මාධ්‍ය ඒකකය පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!