25.1 C
Galle

බුද්ධ ශාසන අමාත්‍යාංශය අගමැතිගෙන් ඉවත් කරන්න යැයි පෙත්සමක්

Published:

බුද්ධශාසන අමාත්‍යාංශය අග්‍රාමාත්‍යවරයා යටතට පත්කිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කෙරෙන බවට තීන්දුවක් ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම ජූලි මස 09 වැනි දා යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) තීරණය කළේය.

නීතිඥ අරුණ ලක්සිරි විසින් මෙම පෙත්සම ගොනුකර තිබිණි. එල්.ටී.බී.දෙහිදෙණිය සහ එස්.තුරෙයිරාජා යන අයගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද පෙත්සම කැඳවා තිබිණි.

එම අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවේන පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ‍ජනරාල් නෙරිල් පුල්ලේ කරුණු දක්වමින් කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය මේ වනවිට අහෝසිකර තිබෙන බැවින් මෙම පෙත්සම පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවයි. එබැවින් පෙත්සම නිෂ්ප්‍රභා කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පෙත්සම් කාර පාර්ශවය පෙන්වාදුන්නේ පෙත්සම පවත්වාගෙන යාම සඳහා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසිකර තිබීම කිසිදු බාධාවක් නොවන බවයි. ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම ජූලි මස 09 වැනිදා යළි සළකා බැලීම සඳහා කැඳවන බව දැනුම් දුන්නේය.

පෙත්සම් කරු කියා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බුද්ධ ශාසන අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතේ තිබිය යුතු බවයි.

Related articles

Recent articles

error: Content is protected !!