25.1 C
Galle

වැලිගම නගරයෙන් තවත් කොරෝනා මරණයක්

Published:

වැලිගම පදිංංචි කාන්තාවක් කොරෝනා හේතුවෙන් මිය‍ගොස් ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ පවසයි.

54 හැවිරිදි වියේ පසු වූ මෙම කාන්තාව වැලිගම හෙට්ටිවීදියේ පදිංචිකාරියකි. හදිසියේම රෝගාතුර වූ ඇය ඊයේ (17) දහවල් කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන එන අතරතුර මියගොස් ඇති බව හදිසි මරණ පරීක්ෂකවරයා කීවේය.

ඇගේ මරණයෙන් පසු ලබාගත් ජෛව සාම්පල පරීක්ෂාකිරීමේ දී තහවුරු වී ඇත්තේ කොරෝනා ආසාදනය වී සිටි බවයි. මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය කරාපිටිය ශික්ෂණ රෝහලේ දී අද (18) සිදුකරමින් පවතී.

මෙම මරණයත් සමඟ මාතර දිස්ත්‍රික්කයේ දී සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 04ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related articles

Recent articles

error: Content is protected !!