24.6 C
Galle

පිරිමි ළමයකු අපයෝජනය කළ 07 දෙනෙක් අත්අඩංගුවට

Published:

වයස අවුරුදු 08ක පිරිමි ළමයකු ලිංගික අපයෝජනයට ලක්කළ බව කියන තරුණයන් 07 දෙනකු අද (18) වැනි දා අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගත් තරුණයන් වයස අවුරුදු 16, 17 සහ 18 වයස් සීමාවන්හි පසුවන පිරිසකි. අතවරයට පත් වූ පිරිමි ළමයා සිය මිත්තණියගේ භාරයේ හැදී වැඩී ඇත. ඔහු මේ වනවිට නාගොඩ මහ රෝහලට ප්‍රතිකාර සහ වැඩිදුර පරීක්ෂණ සඳහා ඇතුළත් කර තිබේ.

දරුවාගේ මව විදේශගතව සිටින අතර පියා වෙනත් විවාහයක් කරගෙන ප්‍රදේශයෙන් පිටත ස්ථානයක පදිංචිව සිටින බව පොලිසිය පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!