24.4 C
Galle

පොල් ගෙඩියට ඇපය ලක්ෂයක්

Published:

වත්තකට පැන පොල් ගෙඩියක් සොරකම් කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරීමට ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න අද (19) නියෝග කළේය.

මෙලෙස ඇප නියම වූයේ මල්වතුහිරිපිටිය, නීලමහර පදිංචි පුද්ගලයකුටය.

මල්වතුහිරිපිටිය පොලිසිය අධිකරණයේ දී කියා සිටියේ නිවසින් බැහැරව ගොස් සිටි වතු හිමියා තම දරුවකු ද සමඟ ආපසු පැමිණෙමින් සිටිය දී සැකකරු වත්තේ සිට දිවයන ආකාරය දුටු බවයි. පසුව ඔහු අල්ලාගෙන පොලිසියට භාර දී ඇති බවත් පොලිසිය අධිකරණයට පවවසා ඇත.  මෙම සැකකරු වත්තකයට අයුතු ලෙස ඇතුළු වී රුපියල් 120.00ක් වටිනා පොල් ගෙඩියක් සොරකම් කර ඇති බවට චෝදනා ගොනුකර තිබිණි.  

නැවත මාර්තු මස 18 දින නැවත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සැකකරුට නියම කෙ‍රිණි.

Related articles

Recent articles

error: Content is protected !!