24.6 C
Galle

කරාපිටිය මහාචාර්ය ඒකකයේ දින 14ක් සිටි රෝගියාට කොරෝනා

Published:

කරාපිටිය ශික්ෂණ රෝහලේ 05 වැනි වාට්ටුවේ දින 14ක් නේවාසිකව සිටි පුද්ගලයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි රෝහලේ ප්‍රකාශකයකු කීවේය.

මෙලෙස කොරෝනා ආසාදනය වී ඇත්තේ ගෝනාපීනුවල පදිංචි වයස අවුරුදු 62ක පිරිමි පුද්ගලයෙකි. ප්ලාස්ටික් සැත්කමක් සඳහා හෙට දිනයේ ශල්‍යාගාරය වෙත යොමුකිරීමට ඇති බැවින් අද (19) කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් ඔහු ආසාදිත බව තහවුරු වී තිබේ.

ඔහු දින 14ක් නේවාසිකව සිටිය ද ඔහු හා ආශ්‍රිත වූ වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ද දැනගන්නට ඇත. ඔවුන් සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා හෙට (20) උදෑසන විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.

කරාපිටිය ශික්ෂණ රෝහලේ 05 වාට්ටුව හැඳින්වෙන්නේ මහාචාර්ය ඒකකය ලෙසිනි. රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධ්‍යයන කටයුතු සිදුකරන වෛද්‍යවරු කිහිප දෙනකු මෙම වාට්ටුව භාරව කටයුතු කරති.

රෝහල් ආරංචිමාර්ග සඳහන් කරන්නේ එම ආසාදිතයා අද රාත්‍රී කොරෝනා සැකසහිත රෝගීන් ඇතුළත්කරන 36 වාට්ටුවට මාරු කර යැවූ බවයි.

Related articles

Recent articles

error: Content is protected !!