24.6 C
Galle

දකුණේ දෛනික ආසාදිතයන් 100 පනී. වැඩිම පිරිස ගාල්ලෙන්

Published:

දකුණේ වාර්තාවන දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ (19) දිනයේ දී 100 ඉක්මවා ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයෙන් නිකුත් කරනු ලබන නිල ලේඛනයට අනුව එම සංඛ්‍යාව දැක්වෙන්නේ 91ක් ලෙසිනි. තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරි චාමර මහගම‍ගේ මහතා පවසන්නේ එම ලේඛනය සකස් කරන්නේ සවස 4.00ට ලැබෙන තොරතුරු අනුව බැවින් එම අගය මීට වඩා වැඩි බවයි. සවස 4.00න් පසු වාර්තාවන ආසාදිතයන් මෙම ලෙඛනයට අතුළත වී නැත.

එම නිල ලේඛනය අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඊයේ (19) දිනයේ ආසාදිතයන් 59 දෙනකු වාර්තා වී ඇත. ඉන් වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි. එම සංඛ්‍යාව 13කි. තවලම කොට්ඨාසයෙන් 10ක්, බෝපේ පෝද්දලින් 09ක්, ඉමදුව කොට්ඨාසයෙන් ආසාදිතයන් 08ක්, අක්මීමණ, බලපිටිය, ගාල්ල මහ නගර සභාව යන කොට්ඨාසවලින් 04 දෙනකු බැගින් රත්ගම සහ යක්කලමුල්ල කොට්ඨාස දෙකෙන් 02කු බැගින් වාර්තාවන අතර බද්දේගම, නාගොඩ හා ඇල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලදාරී කොට්ඨාසවලින් එක් ආසාදිතයකු බැගින් වාර්තා වෙයි. මේ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 1051ක් මේ දක්වා වාර්තා වී ඇති අතර ඉන් 643 දෙනකු සුවය ලබා ඇත.

මාතර දිස්ත්‍රික්කයෙන් ඊයේ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 31කි. ඉන් වැඩිම ආසාදිතයන් වාර්තාවන්නේ අකුරැස්ස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි. එම සංඛ්‍යාව 12ක් වන අතර කොටපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 08 දෙනකු වාර්තා වෙයි. වැලිගමින් ආසාදිතයන් 05ක් වාර්තා වන අතර අතුරළිය, දෙවිනුවර, කඹුරුපිටිය, කැකණදුර, මොරවක හා තිහගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලින් එක් ආසාදිතයකු බැගින් වාර්තා වෙයි. මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 648කි. ඉන් 399 දෙනකු සුවය ලබා ඇත.

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඊයේ වාර්තා වී ඇත්තේ සූරියවැව කොට්ඨාසයෙන් එක් ආසාදිතයකු පමණි. ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 199ක් දක්වා ටහළ ගොස් ඇතැ ිිඅතර සුවය ලැබූ ආසාදිතන් සංඛ්‍යාව 116 දනෙකි.

මීට අමතරව අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයෙන් ඊයේ (19) දිනයේ දී ආසාදිතයන් 16 දෙනකු වාර්තා වී තිබේ.

මේ වනවිට දකුණු පළාතේ සමස්ත ආසාදිතයන් සංඛයාවව 1898ක් බවට පත්ව ඇති අතර ඉන් 1158 දෙනකු සුවය ලබා සිටියි.

Related articles

Recent articles

error: Content is protected !!