24.4 C
Galle

දකුණේ ආණ්ඩුකාරවරයා හොරෙන්ම නිරෝධායනය වෙලා

Published:

තමන් සති දෙකක් නිරෝධායනය වී සිටිය ද ලැබිය යුතු බඩුමල්ල ලැබුණේ නැතැයි දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා ඊයේ (19) ගාල්ලේ පැවැති කොරෝනා මර්ධන කමිටු රැස්වීමේ දී කීවේය.

ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ දී පැවැති මෙම රැස්වීම සඳහා සෞඛ්‍ය අංශ නිලධාරීන්, පොලිස් හා හමුදා නිලධාරීන් මෙන්ම රාජ්‍ය අංශවල ප්‍රධානීන් සහභාගී වී සිටියේය.

ආණ්ඩුකාරවරයා කොරෝනා ආසාදිත අයකුගේ පළමු පෙළ ආශ්‍රිතයකු වී සති දෙකක කාලයක් නිරෝධායනය වී සිටි බව ආණ්ඩුකාරවරයා විසින්ම ප්‍රකාශ කරන තුරු දකුණේ සෞඛ්‍ය ප්‍රධානින් හෝ ඒ බව දැන සිටියේ නැත.

“මම සති දෙකක් නිරෝධායනය වෙලා හිටියා. මට බඩු මල්ල ලැබෙන්න ඕනෑ. නමුත් ලැබුණේ නැහැ” යැයි ආණ්ඩුකාරවයා කියන විට රැස්වීමේ සිටි සියල්ලෝම මුහුණෙන් මුහුණ බලා ගත්හ. නිරෝධානය වී සිටිය ද තමන් ආශ්‍රිත වූයේ කවර අයකුට ද යන්න හෝ නිරෝධායනය වූයේ කවර ස්ථානයකද යන්න පිළිබඳ හෝ ඔහු ප්‍රකාශ කළේ නැත.

දකුණු පළාතේ සෞඛ්‍ය බලධාරීන් කිහිප දෙනකුගෙන්ම ඒ පිළිබඳ විමසා සිටිය ද ඔවුන් ඒ ගැන දන්නේ නැත.

පසුගිය දිනවල ආණ්ඩුකාර වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිතව තිබූ රැස්විම් කිහිපයක් ම පැවැත්වුණ ද නොවැළැක්විය හැකි හේතුවක් නිසා ඊට සහභාගී නොවන බව ආණ්ඩුකාරවරයා විසින් දන්වා තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!