24.4 C
Galle

හැටන් පාසලක සිසුවියන් 20ක් නිරෝධායනයට

Published:

හැටන් නගරයේ කාන්තා පාසලක නේවාසිකාගාර සිසුවියන් 20 දෙනකු, කන්‍යා සොයුරියන් දෙදෙනකු සහ සේවිකාවන් දෙදෙනකු එම නේවාසිකාගාරයේ ම අද (20) සිට ස්වයං නිරෝදායනයට යොමුකළ බව සෞඛ්‍ය අංශ පවසයි.

එම පාසලේ 10 සහ 11 වසරවල සිසුවියන් දෙදෙනකු රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් දික්ඔය රෝහලට ඇතුළත් කිරීමට ද කටයුතු කර තිබේ. ඉන් එක් සිසුවියක් මොරටුව පදිංචි අ‍යකු බවත් මීට පෙර කොරෝනා ආසාදනය වී සුව වී පැමිණි අයකු බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති. රෝහල්ගත කළ අනෙක් සිසුවිය මට්ටක්කුලිය පදංචි දැරියකි. මෙම දෙදෙනාම 18 හා 19 දෙදින පාසල් ගොස් ඇති බව ද සනාථ වී තිබේ.

 නේවාසිකාගාරය සම්පුර්ණයෙන්ම විෂබිජහරණයට ලක් කරන බවත්, රෝහල් ගත කළ සිසුවියන් දෙදෙනා අධ්‍යාපනය ලැබු පන්ති කාමර වල සිසු සිසුවියන්ද ස්වයං නිරෝධානයට යොමු කර මුළු පාසලම සහ නේවාසිකාගාරය විෂබිජහරණය කිරිමට කටයුතු කරන බවද හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂක ආර්.ආර්.එම් මැදවෙල මහතා වැඩිදුරටත් පැවසිය

Related articles

Recent articles

error: Content is protected !!