24.4 C
Galle

කරාපිටිය ශල්‍යාගාරයක් වසා දමයි

Published:

කරාපිටිය ශික්ෂණ රෝහලේ හෙදියන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ශල්‍යාගාරයක් තාවකාලිකව වසා දැමූ බව රෝහල් ප්‍රකාශකයකු සඳහන් කරයි.

එක් හෙදියකගේ සැමියා ආසාදනය බව තහවුරුවීමෙන් පසු මෙම ශල්‍යාගාර කාර්ය මණ්ඩලය පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකර තිබිණි. හෙදියන් දෙදෙනකු ආසානය වීමත් සමඟ අද (21) දිනයට නියමිත ශල්‍යකර්ම නවතා දමා ශල්‍යාගාරය විෂබීජහරණය සඳහා කටයුතු කරමින් සිටින බව පැවසේ.

එහි කාර්ය මණ්ඩලයේ 20 දෙනකු මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.

රෝහල් ආරංචිමාර්ග සඳහන් කරන්නේ කාර්ය මණ්ඩලයේ වැඩි පිරිසක් පසුගිය දිනක පැවැති විවාහ මංගල උත්සවයකට ද සහභාගී වී ඇති බවයි.

Related articles

Recent articles

error: Content is protected !!