24.4 C
Galle

රටපුරා කොරෝනා වැඩි වෙන්නේ එංගලන්ත නව ප්‍රබේදයෙන් දැයි සෙවීමට පරීක්ෂණ

Published:

කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් රට පුරාම විශාල වශයෙන් වාර්තාවන බව පෙනෙන්නට තිබෙන බැවින් මෙලෙස පැතිර ඇත්තේ එංගලන්තයෙන් සොයාගත් නව වයිරස ප්‍රබේදය ද යන්න පිළිබඳ හඳුනාගැනීමට පර්යේෂණයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් ආරම්භ කර ඇත.

එම විශ්වවිදයාලයේ ආසාත්මකතා ප්‍රතිශ්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර පවසන්නේ මේ සඳහා ජාන විශ්ලේෂණ කටයුතු අද (21) සිට ආරම්භ කරන බවයි.

මේ වනවිට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 55,189 ක් දක්වා වැඩි වී තිබේ. ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 770ක් ලෙසිනි. දැනට සුවය ලබා ඇති ආසාදිතයන් සංඛ්‍යාව 42,215ක් වන අතර මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 274කි.

Related articles

Recent articles

error: Content is protected !!