30.5 C
Galle

නිරෝධායනයේ සිටි පළාත් සභා රියදුරා හදිසියේම මියයයි

Published:

සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවය කළ රියදුරකු නිරෝධායනය වෙමින් සිටිය දී අද (21) හදිසියේම මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙලෙස මයිගොස් ඇත්තේ බලන්ගොඩ, මොරහැල පදිංචි 35 හැවිරිදි අයෙකි. ඔහු කොරෝනා ආසාදිතයකුගේ ආශ්‍රිතයකු වීම හේතුවෙන් ස්වයං නිරෝධායනයට යොමු කර සිටි අතර ඊයේ (20) පීසීආර් පරීක්ෂණයක් සඳහා ජෛව සාම්පල ලබාගෙන ඇත. අද උද‍ෑසන ඇතිවූ අපහසුතා හේතුවෙන් බලන්ගොඩ මූලික රෝහලට ගෙන එන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

ඔහුගේ පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල මෙතෙක් ලැබී නැත. එම වාර්තා ලැබෙනතුරු සිරුර බලන්ගොඩ මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!