බදුල්ලේ පස්සර ජාතික පාසලේ සිසු සිසුවියන් 10 දෙනකුට මේ වනවිට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. පෙබරවාරි 04 වැනි දා ජාතික දින උත්සවයේ වැඩසහන් සඳහා එම විද්‍යාලයේ සිසුවියන් 03 දෙනකු සහභාගී කරවීමට අවශ්‍ය බැවින් 18 වැනි දා ඔවුන් සඳහා පීසීආර් පරීක්ෂණ පවත්වා ඇත.
ඔවුන් තිදෙනාටම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එම පරීක්ෂණවලින් තහවුර වී ඇති බැවින් ඔවුන්ගේ ආශ්‍රිතයන්ට කරන ලද පරීක්ෂණවලින් තවත් ආසාදිත සිසු සිසුවියන් 07 දෙනකු හඳුනාගෙන තිබේ.
ඒ අනුව පස්සර ජාතික පාසැලේ 12 සහ 13 වන ශ්‍රේණියේ පන්ති වසා දැමීමට උපදෙස් ලබාදුන් බවත් එම සිසු සිසුවියන් ස්වයං නිරෝධායනයට ලක්වීමට අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙන බවයි සෞඛ්‍ය බලධාරින් සඳහන් කලේ.


