30.5 C
Galle

කරාපිටිය හෘද රෝග ඒකකයේ කොරෝනා මරණයක් සිදුවෙයි

Published:

කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද රෝග ඒකකයේ (39/40 වාට්ටු) ප්‍රතිකාර ලබමින් සිටි අලුත්වල පදිංචි කාන්තාවක් කොරෝනා ආසාදන වී මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙම කාන්තාව 52 හැවිරිදි වියේ පසු වූවාය. ඊයේ (22) රාත්‍රී මියගොස් ඇති අතර මරණයෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණ වාර්තා අද (23) උදෑසන අධිකරණ වෛද්‍ය ඒකකයට ලැබී තිබිණි. එම වාර්තා අනුව ඇය කොරෝනා ආසාදනය වූ කාන්තාවක් බව කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ පවසයි.

39/40 වාට්ටුවවල ඇය නේවාසිකව සිටි බැවින් එම වාට්ටුවල වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයට කොරෝනා අවදානම් තක්සේරුවක් අද සිදුකර වාට්ටුව සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණය කරන බව රෝහල් ප්‍රකාශකයකු කීවේය.

අද (23) දිනයේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා මරණ 02ක් මේ වනවිට වාර්තා වී තිබෙන අතර ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 10ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related articles

Recent articles

error: Content is protected !!