25.8 C
Galle

බස්නාහිරි පාසල් සාමන්‍ය පෙළ සිසුන්ට පමණක් විවෘතකරයි

Published:

බස්නාහිර පළාතේ හුදකලා කළ ප්‍රදේශවල හැර අනෙක් ප්‍රදේශයන් හි අපොස සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පමණක් හෙට (25) පාසල් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසයි.

මේ අනුව හෙට දිනයේ බස්නාහිර පළාතේ පාසල් 907ක සාමාන්‍ය පෙළ පන්ති ආරම්භ වීමට නියමිතය.

හෙට සිට බස්නාහිර පළාතේ හැර සෙසු ප්‍රදේශවල මෙවර අපොස සාමාන්‍ය පෙළ සිසුන් සහ උසස් පෙළ සිසුන් සඳහා පමණක් උපකාරක පන්ති පැවැත්වීමට ද අවසර හිමිව ඇත. උපකාරක පන්ති පැවැත්වීමට අදාළ කරුණු ඇතුළත් චක්‍රලේඛය පසුගිය 16 වනදා නිකුත් කෙරුණි. එහි දැක්වෙන්නේ එක් පන්තියකට සහභාගී කරගත හැක්කේ අසුන් ගැනීමට තිබෙන ආසන සංඛ්‍යාවෙන් සියයට 50ක ප්‍රමාණයක් හෝ උපරිම ළමුන් 100 දෙනෙකු දක්වා වූ සිසුන් පිරිසක් පමණක් බවයි.

Related articles

Recent articles

error: Content is protected !!