32.7 C
Galle

ඇමති වාසුදේව නික්ම යයි

Published:

පසුගිය දා කොරෝනා ආසාදිත බව තහවුරු කෙරුණු අමාත්‍ය වාසුදේව නානායක්කාර කොරෝනා රෝගය සුවවීම හේතුවෙන් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් නික්ම සිය නිවසට ගිය බව අමාත්‍යවරයාගේ මාධ්‍ය ‍ඒකකය වාර්තා කරයි.

අමාත්‍යවරයාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට පසුගිය 11 වැනිදා අනාවරණයවීමත් සමග ඔහු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමුකිරීමට පියවරගෙන තිබුණි. 

මේ දක්වා පාර්ලිමේන්තුව නියෝජනයකරන මැති ඇමතිවරුන් පස් දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති අතර ඉන් පළමු වැන්නා වූ දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා පසුගිය 20 වැනිදා සුවය ලබා නිවස වෙත ගියේය.

පියල් නිශාන්ත, රවුෆ් හකීම් සහ පවිත්‍රා වන්නිආරච්චි යන මැති ඇමතිවරු තවදුරටත් ප්‍රතිකාර මධ්‍යස්ථානවල නේවාසිකව රැඳී සිටිති.

Related articles

Recent articles

error: Content is protected !!