32.7 C
Galle

හුදකලා ප්‍රදේශවල සංශෝධනය

Published:

කොරෝනා පැතිරීමේ අවදානම හේතුවෙන් අද (24) සවස 6.00 සිට මිනුවන්ගොඩඩ පොලිස් වසමේ ගල්ඔලුව ප්‍රදේශයේ ජුම්මා මස්ජිඩ් මාවත, භිද්‍රා මාවත, අලුත් පාර හා අකරගොඩ ප්‍රදේශය හුදකලා කරන බවත් ගල්ඔලුව නැගෙනහිර හා ගල්ඔලුව බටහිර ප්‍රදේශ හුදකලා බවින් ඉවත්කරන බවත් කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීම් ජාතික කියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරයි.

එමෙන් ම වැල්ලවත්ත පොලිස් වසමේ නසීර් වත්ත, නිට්ටඹුව පොලිස් වසමේ තිහාරිය උතුර සහ තිහාරිය නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම්වල වාරණ පන්සල පාර සහ හිද්‍රා මාවතට ඇතුළත් වන ප්‍රදේශ වල ද හුදකලා බව ඉවත් කරන බව එම නිවේදනයේ දැක්වේ.

Related articles

Recent articles

error: Content is protected !!