32.7 C
Galle

දකුණේ කොරෝනා අවදානම තවත් ඉහළට

Published:

දකුණු පළාතට පළාතෙන් ඊයේ (24) වාර්තා වූ නව ආසාදිතයින් 50දෙනකු සමග මේ වනවිට දකුණු පළාතෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,260 දක්වා ඉහල ගොස් ඇතැයි දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලය පවසයි.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 1,199ක් දක්වා ද මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 820ක් දක්වා ද හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 241ක් දක්වා ද ඉහල ගොස් තිබේ.

ගතවූ පැය 24 තුළ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින්  33දෙනකු ද මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 13දෙනකු ද හම්බන්තොටින් ආසාදිතයන් 04දෙනකු ද අලුතින් වාර්තා වී ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමණ හා බෝපෙ පෝද්දල කොට්ඨාස වලින් ආසාදිතයන් 08දෙනා බැගින් ද කරන්දෙණියෙන් 07දෙනකු ද බලපිටියෙන් 05 දෙනකු ද රත්ගමින් තිදෙනකු ද හබරාදුවෙන් දෙදෙනකු ද හමුවී තිබේ.

මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය හා මාලිම්බඩ කොට්ඨාස වලින් ආසාදිතයන් තිදෙනා බැගින් ද මුලටියන හා වැලිගමින් ආසාදිතයන් දෙදෙනා බැගින් ද දෙවිනුවර, කැකණදුර හා මොරවකින් එක් ආසාදිතයා බැගින් ද වාර්තා වී තිබේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් හතර දෙනාම හම්බන්තොට බල ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!