32.7 C
Galle

කොළඹ යළි අවදානම් තත්ත්වයකට

Published:

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව යළි වැඩිවී තිබේ.

කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියා සිටියේ අද (25) උදෑසන 6.00 දක්වා වූ පැය 24ක කාලයේ දී කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් 480ක් හඳුනාගෙන ඇති බවයි. කොළඹ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 41කින් මෙම ආසාදිතයන් වාර්තා වීම හේතුවෙන් දිස්ත්‍රික්කය පුරාම යළි කොරෝනා අවදානමක් ඇති බව තහවුරු වෙයි.

කොම්පඤ්ඤවීදිය, නාරාහේන්පිට, වැල්ලවත්, කුරුඳුවත්ත, මරදාන, ගොතටුව, ගල්කිස්ස සහ වැල්ලම්පිටිය යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලින් ආසාදිතයන් 20කට වඩා වැඩි සංක්‍යාවක් වාර්තා වී ඇත.

කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ අඛණ්ඩව තුන්වැනි දිනටත් සියලුම දිස්ත්‍රික්කවලින් කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇත බවයි.

Related articles

Recent articles

error: Content is protected !!