32.7 C
Galle

පානදුරේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

Published:

පානදුරයේ අද (25) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.

වෙඩි තැබීම සිදුව ඇත්තේ පානදුර උතුර, පල්ලෙමුල්ල හන්දිය ප්‍රදේශයේ දී. උදෑසන 9.15ට පමණ යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු විසින් මොරටුව සිට පානදුර දෙසට ධාවනය වූ ත්‍රී රෝද රථයක පිටුපස ගමන් කරමින් සිටි අයකුට වෙඩි තබා පලා ගොස් තිබේ.

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා පානදුර රෝහලට රැගන යනවිටත් මියගොස් සිටි බව පොලිසිය පවසයි. වැඩි තැබීමට පැමිණි පුද්ගලයන් හෝ වෙඩි තැබීමට හේතුව හෝ මෙතෙක් අනාවරණය වී නැත. සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්සණ පානදුර උතුර පොලිසිය විසින් සිදුකරයි.

Related articles

Recent articles

error: Content is protected !!