32.7 C
Galle

ගාල්ලේ ප්‍රදීපාගාරය අසළ දී හිමිනමක් අපවත්වෙති

Published:

ගාල්ල කොටුවේ ප්‍රදීපාගාරය අසළ මුහුදේ ගිලී අද (25) සාමණේර හිමිනමක් අපවත් වී ඇතැයි ‍ගාල්ල පොලිසිය පවසයි.

මෙලෙස අපවත්වී ඇත්තේ ගාල්ලේ බලගොඩ සුභද්‍රාරාමයේ වැඩවාසය කළ වයස අවුරුදු 17ක පසු වූ හෑගොඩ සුමනසිරි නමැති හිමිනමකි.

පිරිවෙන් විභාගයේ අවසන් දිනය වූ අද බද්දේගම කිරිබතාවිල අමරවංශ පිරිවෙනට ගොස් තවත් හිමිවරු තිදෙනකු සමඟ මේ  හිමියන් දිය නෑමට ගොස් ඇති බව පොලිසිය පවසයි. සී බාත් නමින් හඳුන්වන මෙම ස්ථානය දිය නෑම සඳහා ප්‍රසිද්ධ හා ආරක්ෂිත ස්ථානයකි. එසේ වුවද පොලිසිය සඳහන් කරන්නේ මේ හිමිවරු එතැන ඇති කොරල් පරවලින් ඈතට ගමන් කිරීම හේතුවෙන් දියේ ගසාගෙන ගොස් ඇති බවයි.

දේහය හදිසි මරණ පරීක්ෂණය සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට යවා ඇති අතර ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

(සාහිත ගම්මම්පිල)

Related articles

Recent articles

error: Content is protected !!