32.7 C
Galle

සවුත්ලන්ඩ්ස් ගුරුවරියක් ආසාදිතයි. ප්‍රාථමික අංශයේ කොටසක් වැසේ

Published:

ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ගුරුවරියකට කොරෝනා ආසාදනය වී ඇතැයි අද (26) තහවරු වී යැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙම ගුරුවරිය පසුගිය සතියේ පාසලට පැමිණ ඉගැන්වීමේ කටයුතුවල යෙදී ඇති අතර සෙනසුරාදා දිනයේ උණ හටගැනීම හේතුවෙන් පීසීආර් පරීක්ෂණයක් සඳහා යොමුවී ඇත. එහි ප්‍රතිඵල අනුව තහවුරු වී ඇත්තේ ඇය කොරෝනා ආසාදනය වූ අයකු බවයි.

ඇය තුන ශ්‍රේණියේ පන්තියක් භාරව කටයුතු කරන ගුරුවරියකි. මේ පිළිබඳ සවුත්ලන්ඩ්ස් විද්‍යාලය දැනුම්වත් කිරිමෙන් පසු අදාල පන්තිවල සිසුවියන්ගේ දෙමාපියන්ට ඒ පිළිබඳ දැනුම් දී ඇති බව විද්‍යාලයේ ප්‍රකාශිකාවක සඳහන් කළාය.

Related articles

Recent articles

error: Content is protected !!