32.7 C
Galle

ගාල්ලේ 12 වැනි මරණය නගරයේ වැඩිහිටි නිවාසයකින්

Published:

ගාල්ල දිස්ත්‍රික්කයේ 12 වැනි කොරෝනා මරණය අද (26) ගාල්ල කළුවැල්ලේ වැඩිහිටි නිවාසයකින් වාර්තා වේ.

ශ්‍රී හෘදය කන්‍යාගාරමය මගින් පවත්වාගෙන යන වෑන්රීත් වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටි 87 හැවිරිදි කාන්තාවක් ඊයේ (25) එම වැඩිහිටි නිවාසයේ දී ම මියයාමෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණයකින් ඇය කොරෝනා ආසාදනය වී ඇති බව අද තහවුරු විය. මෙම වැඩිහිටි නිවාසයේ සිටි තවත් 06 දෙනකුට ද කොරෝනා ආසාදිත බව හඳුනාගෙන ඇත.

මියගිය මෙම කාන්තාව මග්ගොන පදිංචිව සිටි අවිවාහක අයෙකි  

මෙම සිරුර නිරෝධායන නීති අනුව අද (26) රාත්‍රියේ දී ම දඩල්ල ආදාහනාගාරයේ දී ආදාහනය කරන බව ගාල්ල නාගරික හදිසි මරණ පරීත්ෂක ඒ.ආර්. මොහොමඩ් නාසිම් කීවේය.

Related articles

Recent articles

error: Content is protected !!