28.6 C
Galle

රාජකීය විද්‍යාලය ගුරු භික්ෂුව භාර නොගනීමේ සිද්ධියක් පොලිසියටත් යයි

Published:

කොළඹ රාජකීය විද්‍යාලයේ බුද්ධ ධර්ම විෂය ගුරුවරයකු ලෙස පත්වීම් ලබා පැමිණි තමන්ට වැඩ භාර දීම ප්‍රතික්ෂේප කිරීමෙන් ගැටලු සහගත තත්ත්වයක් ඇති වී තිබේයැයි කයිමින් බෞද්ධ භික්ෂුවක් අධ්‍යාපන අමාත්‍යාංශයට හා කොල්ලුපිටිය පොලිසියට පැමිණිළි කර ඇත.

එම පැමිණිල්ලේ දක්වා ඇත්තේ දානය වැළඳීම සඳහා ස්ථානයක් නොමැතියැයි පවසමින් එක් අවස්ථාවක දී රාජකාරී භාරදීම ප්‍රතික්ෂේප කළ බවයි. තවත් අවස්ථාවක දී පාසලේ ස්වාමීන්වහන්සේලා අතිරික්තයක් සිටින බව පවසමින් පත්වීම් භාර නොදුන් බව ද පැමිණිල්ලේ සඳහන් කර ඇත. ඒ හිමියන් දක්වන්නේ 05 වතාවක් විදුහලේ පාලන අධිකාරිය තමන්ට රාජකාරී භාර දීම ප්‍රතික්ෂේප කළ බවයි.

මේ ගැන විමසීමට විදුහල් පාලන අධිකාරිය සම්බන්ධ කරගැනීමට උත්සාහ ගත්ත ද එය සාර්ථක වූයේ නැත.

Related articles

Recent articles

error: Content is protected !!