28.6 C
Galle

දකුණේ කොරෝනා ආසාදිතයන් 2,500 ආසන්නයට

Published:

දකුණු පළාතෙන් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,416 දක්වා ඉහල ගොස් ඇතැයි දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලය පවසයි.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 1,297ක් දක්වා ද මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 870 දක්වා ද හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 249ක් දක්වා ද ඉහල ගොස් තිබේ.

ගතවූ පැය 24 තුළ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින්  46දෙනකු ද මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 36දෙනකු ද හම්බන්තොටින් ආසාදිතයන් 03දෙනකු ද අලුතින් වාර්තා වී ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයේ ඉමදුව බල ප්‍රදේශයෙන් ආසාදිතයන් 12 දෙනකු ද නෙළුව බල ප්‍රදේශයෙන් 10දෙනකු ද ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයෙන් ආසාදිතයන් 07දෙනකු ද ද තවලමින් 05ක් ද හබරාදුවෙන් හා බලපිටියෙන් ආසාදිතයන් 04 දෙනා බැගින් ද බද්දේගම හා ඇල්පිටිය කොට්ඨාස වලින් ආසාදිතයන් දෙදෙනා බැගින් ද හමුවී තිබේ.

මේ අතර කළුවැල්ලේ පිහිටි වෑන්රීත් වැඩිහිටි නිවාසයේ දී මියගිය කාන්තාවකගේ මරණය සිදුව ඇත්තේ කොරෝනා ආසාදනය වීමෙන් බව කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ දී කරන ලද පීසීආර් පරීක්ෂණයකින් තහවුරු වී තිබිණි. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 12ක් දක්වා ඉහළ ගොස් ඇත.

මාතර දිස්ත්‍රික්කයේ මොරවක කොට්ඨාසයෙන් ආසාදිතයන් 18දෙනකු ද මාතර මහ නගර සභා බල ප්‍රදේශයෙන් 04දෙනකු ද කොටපොල හා පස්ගොඩ කොට්ඨාස වලින් ආසාදිතයන් තිදෙනා බැගින් ද හක්මනින් හා තිහගොඩින් ආසාදිතයන් දෙදෙනා බැගින් ද කඹුරුපිටිය, වැලිගම, මාලිම්බඩ හා කැකනදුර කොට්ඨාස වලින් එක් ආසාදිතයා බැගින් ද හමුවී තිබේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයින්ගෙන් දෙදෙනකු තිස්සමහාරාමයෙන් ද  එක් ආසාදිතයෙකු වීරකැටියෙන් ද වාර්තා වී තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!