28.6 C
Galle

කොරෝනා නිසා පාසලක් වසා දමයි

Published:

සිසුන් අතර කොරෝනා පැතිරීමේ අවදානම හේතුවෙන් හැටන් බොස්කෝ විද්‍යාලය අද (27) සිට නැවත දැනුම් දෙනතුරු තාවාකාලකිව වසා දැමීමට තීරණය කළ බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙම විදුහලේ 9 ශ්‍රේණියේ සිසුවකුට කොරෝනා ආසාදනය වී ඇති බව 22 වැනි දින හඳුනාගැනීම හේතුවෙන් ඔහුගේ පන්තියේ සිසුන් 37ක් හා ගුරුවරු 14 දෙනකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබිණි. ඔවුන්ගේ පීසීආර් පරීක්ෂණ වාර්තා අනුව සිසුන් 09 දෙනෙක් හා ගුරුවරුන් දෙදෙනකු ආසාදිත බව අද (27) තහවුරු විය.

ආසාදිත පළමු සිසුවා වාර්තාවීමෙන් පසු ඔහු අධ්‍යාපනය ලැබූ පන්ති වසා දමා ‍පාසල පවත්වාගෙන යාමට උපදෙස් දුන්න ද අද පාසල සම්පූර්ණයෙන් ම වසා විෂබීජහරණය කිරීමට තීරණය කරන ලදී.

පාසලේ සිසුන් 1481ක් ඉගෙනුම ලබන අතර ගුරුමණ්ඩලය 81 දෙනෙකි.

Related articles

Recent articles

error: Content is protected !!