28.6 C
Galle

අම්බලන්ගොඩ ෂෙඩ් එකේ ආරවුලක්. පෙට්‍රල් හා භූමිතෙල් කළවම් කරලා

Published:

අම්බලන්ගොඩ විවිධ සේවා සමූපකාර සමිතිය මගින් පවත්වානෙ යන අම්බලන්ගොඩ ඉන්ධන පිරවුම් පොළෙන් පෙට්‍රල්වලට භූමිතෙල් කලවම් කර ඇතැයි කියමින් අද (27) එහි පැමිණි විරෝධය දැක්වූ පිරිසක් හා සේවයකන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය. මෙය පාලනය කිරීමට පොලිසිය ද මැදිහත් වූයේය

මෙහිදී රථ වාහන රියදුරන් හා ඉන්ධන පිරවුම් පොලේ සේවකයින් අතර දැඩි උණුසුම් වචන හුවමාරුවක්ද  සිදු විය.

මේ තත්ත්වය එන්න එන්නම වර්ධනයවීමත් සමඟම සේවකයින්ට පොලීසිය හා සිය ආයතන ප්‍රධානීන් කැඳවන්නටද සිදුවූහ.

අම්බලන්ගොඩ සමූපකාර ඉන්ධන පිරවුම් පොලෙන් ගැසූ පෙට්‍රල්වලට භූමිතෙල් කලවම් කර ඇති නිසා සිය වාහන ධාවනය කිරීමට නොහැකි බව කියමින් රථ වාහන රියදුරන් පිරිස් කෑකෝ ගසමින් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කර තමන්ටවූ අසාධාරණයට සාධාරණයක් කර දෙන ලෙස ඉල්ලා සිටියහ.

Related articles

Recent articles

error: Content is protected !!