28.6 C
Galle

මන්ත්‍රීවරියගෙන් ගුටි කෑ සභාපති රෝහලේ

Published:

ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක් තමන්ට පහරදුන්නේ යැයි කියමින් කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති කමල් රාජපක්ෂ අද (27) කන්දකැටිය පොලිසියට පැමිණිලි කර තිබේ.

එම පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ සභාවේ මාසික රැස්වීම පැවැත්වෙමින් තිබිය දී අදාල මන්ත්‍රීවරිය සමඟ බහින්බස්වීමක් සිදුවූ බවයි. ඉන් පසු සභා ගර්භයෙන් පිටතට පැමිණි පසු මෙම පහරදීම සිදුවී ඇත.

එක්සත් ජාතික පක්ෂයට බලය හිමි ප්‍රාදේශීය සභාවේ සබාපතිවරයාට පහර දී ඇත්තේ ද එම පක්ෂයේම මන්ත්‍රීවරියක විසිනි. පහරදීමෙන් තුවාල ලැබූ සභාපති කමල් රාජපක්ෂ අද දහවල් කන්දකැටිය රෝහලට ඇතුළත්ව සිටියි.

මේ සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

Recent articles

error: Content is protected !!