28.6 C
Galle

පිරිමි ළමයෙක් අපයෝජනය කළැයි ග්‍රාම නිලධාරී අත්අඩංගුවට

Published:

ගණිතය උගන්වන බව කියමින් 16 හැවිරිදි පිරිමි ළමයකු ලිංගික අපයෝජනයට ලක්කළ ග්‍රාම නිලධාරීනරයකු අත්අඩංගුවට ගත්බව හබරාදුව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හබරාදුව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අවිවාහක ග්‍රාම නිලධාරීවරයෙකි. ඔහු ගණිත උපකාරක පන්ති පවත්වන අයකු බවත් කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචිකරුවකුගෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.

පොලිසිය පවසන්නේ මොහු විසින් එම දරුවා අවස්ථා කිහිපයක දී ම අපයෝජනය කළ බවට පැමිණිල්ලේ සඳහන් වන බවයි. හබරාදුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත උදය කුමාරගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ සිදුකරන අතර සැකකරු හෙට (28) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related articles

Recent articles

error: Content is protected !!