25.6 C
Galle

කාලතුවක්කු උණ්ඩ තොගයක් සොයාගනී

Published:

මුල්ලියාවේලි ප්‍රදේශයේ දී කාලතුවක්කු පතොරම් තොගයක් අද (28) සොයා ගත් බව යුද හමුදාව පවසයි

භාවිතයට ගත නොහැකි තත්ත්වයේ තිබූ මෙම පතොරම් තොගය සොයගෙන ඇත්තේ උසාවි නියෝගයක් මත කරන ලද සෝදිසි මෙහෙයුමක දී ය.

09 වැනි ක්ෂේත්‍ර ඉංජිනේරු බලකාය සමඟ මුල්ලිවේලි පොලිස් ස්ථානය මෙම සෝදිසි මෙහෙයුම සිදුකර තිබිණි. එම පතොරම් අතර මිලි මීටර 152 පතොරම් 110ක්, මිලි මීටර 122 පතොරම් 36ක්, මිලි මීටර 159 කාලතුවක්කු කාට්‍රිජ් 49ක්, මිිල මීටර 122 කාට්‍රිජ් 29ක් හා විලායක 10ක් සොයාගෙන තිබේ.

මුල්ලියාවේලි පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

Recent articles

error: Content is protected !!