29.4 C
Galle

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

Published:

සාමාන්‍ය පෙළ (GCE Ordinary Level) විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු 11 දින මධ්‍යම රාත්‍රී 12.00 සිට සම්පූර්ණයෙන් තහනම් කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

ඒ අනුව, විභාගයට අදාළ නියැදි ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම හා බෙදාහැරීමද, විභාග ප්‍රශ්න ප්‍රසිද්ධ කිරීම හෝ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් බැනර්, පත්‍රිකා, ඉලෙක්ට්‍රොනික සහ මුද්‍රිත මාධ්‍ය භාවිතයද සම්පූර්ණයෙන් තහනම් කර ඇත.

මෙම උපදෙස් උල්ලංඝනය කරන හෝ නොතකා හැරෙන පුද්ගලයින් සහ ආයතන පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

2025 සාමාන්‍ය පෙළ විභාගය රට පුරා විභාග මධ්‍යස්ථාන 3,545කදී මෙම මස 17 වන දින සිට 26 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.

විභාග ක්‍රියාවලියේ සාධාරණත්වය සහ විභාග අපේක්ෂකයන්ට සමාන අවස්ථා සැලසීම අරමුණු කරගෙන මෙම නීති ක්‍රියාත්මක කරන බවද දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

Related articles

spot_img
error: Content is protected !!