27.6 C
Galle

කොමර්ෂල් බැංකුව ඉහලම පිරිවැටුම වාර්තා කරයි

Published:

අද (26) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ කොටස් 503,200 ගනුදෙනු වූ කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 103ක පිරිවැටුමක් වාර්තා කරන ලදී.

අද කොටස් වෙළඳපල ගනුදෙනු 13,995ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 666ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 44ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 19,640ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • කොමර්ෂල් බැංකුව මිලියන 103
  • ඇක්සස් ඉංජිනියරින් මිලියන 82
  • ජෝන් කීල්ස් මිලියන 25

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එච් එන් බී ෆයිනෑන්ස් සමාගම කොටස් මිලියන 2.1
  • පෑන් ඒෂියන් පවර් සමාගම කොටස් මිලියන 02
  • සිට්‍රස් වස්කඩුව සමාගම කොටස් මිලියන 1.9

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • මර්චන්ට් බැංකුව 5.9%
  • බන්සෙයි රිසෝට් සමාගම 5.5%
  • සතොස මෝටර්ස් සමාගම 05%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 386
  • ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 333
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 321

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 05 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 12ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 07ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කරගෙන ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්

  • කලම්බො ලෑන්ඩ් රුපියල් මිලියන 02

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • සම්පත් බැංකුව රුපියල් මිලියන 03
  • එල් සී බී ෆයිනෑන්ස් රුපියල් මිලියන 02
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් රුපියල් මිලියන 1.8

විශ්ලේෂණය – නීතිඥ රජීන්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!