25.6 C
Galle

එන්නත්කිරිම ඇරඹෙයි

Published:

ඉන්දියාවෙන් ලැබුණු කොරෝනා එන්නත මෙරට ජනතාවට එන්නත් කිරීම අද (29) ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එන්නත් ලබාදීමේ ප්‍රමුඛතාව ලැබෙන්නේ කොරෝනා ආසාදිතයන් සමඟ සෘජුව සම්බන්ධවන සෞඛ්‍ය හා ආරක්ෂක අංශ සාමාජිකයන්ටය. මේ අනුව නාරාහේන්පිට ශ්‍රී ලංකා යුද හමුදා රෝහලේ දී යුද හමුදා සාමාජිකයන් තිදෙනකුට එන්ත් ලබා දීම සිදුකළ අතර මුල්ලේරියාව අයිඩීඑච් රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම හට ද කොරෝනා එන්නත ලබා දී ඇත.

මේ අතර කොළඹ දකුණ රෝහලේ වෛද්‍යවරුන්, හෙද හෙදියන්, රෝහල් කාර්ය මණ්ඩලයට ද කොවිඩ් එන්නත ලබාදීම මේ වන විට සිදුකෙරෙමින් පවතී. දැනටමත් පිට පළාත් සඳහා ද කොරෝනා එන්නත යවා ඇති අතර එම එන්නත් ලබා දීම හෙට (30) සිට සිදුකිරීමට නියමිතය.

Related articles

Recent articles

error: Content is protected !!