25.6 C
Galle

යාල වනෝද්‍යානය වැනසූ Tik Tok වීඩියෝව

Published:

යාල ජාතික වනෝද්‍යානයේ ඉතාමත් වැදගත් පාරිසරික පද්ධතියක් ලෙස සැළකෙන දිගන්වළ නමැති ස්ථානයේ පරිසර පද්ධතිය කුරිරු ලෙස විනාශ කරමින් ජීප් රථ මෙහෙයවමින් Tik Tok වීඩියෝවක් කරන මේ කණ්ඩායම පිළිබඳ බලධාරීන්ගේ අවධානය වහාම යොමු විය යුතුය.

තොරතුරු අනුව මෙය සිදුකර ඇත්තේ පසුගිය ජනවාරි 25 වැනි දිනයේ දී ය. බලධාරීන්ට අවශ්‍යනම් මේ වාහන සොයා ගැනීම අපහසු වන්නේ නැත.

යාල ජාතික වනෝද්‍යානයට ඇතුළු වී මොවුන් මේ පරිසර පද්ධතිය විනාශ කිරීමෙන් සිදුවන්නේ සතුන්ට අනර්ථයකි. මෙය නරක පූර්වාදර්ශයකි. මොවුන් මේ ජීප් රථ ධාවනය කරන්නේ යාල වනෝද්‍යානයේ පැහැදිලි මාර්ග තිබිය දී ජලය පිරි දිගන්වළ තුළය. ඉන් ඒ පරිසර පද්ධතියට කළ හානිය සුළුපටු නැත.

මෙවැනි පුද්ගලයන්ට එරෙහිව වාහාම නීතිය ක්‍රියාත්මක කළ හැකි බව අපි වනජීවී නිලධාරීන්ට අවධාරණය කරන්නෙමු.

නීතිය ක්‍රියාත්මක කරන තුරු මෙය හැකිතාක් Share කරන්න.

Related articles

Recent articles

error: Content is protected !!