25.6 C
Galle

මෙරට පළමු වෛද්‍ය මරණය අද උදෑසන කරාපිටියේ දී

Published:

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් පෙනහළු ක්‍රියාකාරීත්වය අඩපණ වී කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ එක්මෝ යන්ත්‍රයට සවිකර විශේෂ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායන අද (02) උදෑසන දිවියෙන් සමුගත්තේය. ඔහු මෙරට දී කොරෝනා ආසාදනයෙන් මියගිය පළමු වෛද්‍යවරයාය

කරාපිටිය ශික්ෂණ ‍රෝහලේ ප්‍රකාශකයකු ඒ බව තහවුරු කළේය.

නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය ලබා චීනයේ ටියැන්ජින් වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලැබූ ඔහු රෝගාතුරවන විට රාගම ශික්ෂණ රෝහලේ සේවය කළේය. ඔහුගේ පියා ද වෛද්‍යවරයෙකි. රාගම රෝහලේ සිට කොළඹ අයිඩීඑච් රෝහලට ප්‍රතිකාර සඳහා යොමු කර තිබී ඉන් පසු කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ගෙන එන ලදී. දියවැඩියා රෝගයෙන් පීඩාවිඳිමින් සිටි ඔහුට කොරෝනා නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් පෙනහළුවල දී රුධිරයට ඔක්සිජන් එකතුවීමේ කාබන් ඩයොක්සයිඩ් පිටවීමේ ගැටලුවක් ඇති වූ බව වෛද්‍යවරු කියති. එවැනි රෝගියකුට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යාවශ්‍ය වන එක්මෝ යන්ත්‍රයක් ඇති එකම රෝහල කරාපිටිය ශික්ෂණ රෝහල බැවින් ඔහු එලෙස කරාපිටියටට යොමු කර තිබිණි.

ඔහුගේ පවුලේ සාමාජික සාමාජිකාවන් කිහිප දෙනෙක් ද මේ වනවිට කොරෝනා ආසාදනය වී ප්‍රතිකර ලබමින් සිටිති.

Related articles

Recent articles

error: Content is protected !!