23.6 C
Galle

ලෝකයේ සියලු ගුවන්විදුලි නාලිකා ඔබේ අත්ලට එයි

Published:

ලෝකයේ ඕනෑම රටක, ඕනෑම භාෂාවකින් විකාශය වන ඕනෑම ගුවන්විදුලි නාලිකාවකට ඔබට ඔබේ ජංගම දුරකථනයෙන් හෝ පරිගණකයෙන් වෙනත් කිසිම උපකරණයක ආධාරයක් නොමැතිව සවන්දිය හැකි බව ඔබ දන්නවා ද ?

මේ අපූරු අවස්ථාව ඔබට උදාකර වී ඇත්තේ http://radio.garden වෙතින්. මේ වෙබ් අඩවියට පිවිසිවිට ලෝක ගෝලය ඔබට දැකිය හැකියි. එහි සෑම රටකම කොළපාට තිත් රාශියක් දක්නට ලැබෙනවා. මේ තිතක් අසළට ගොස් එම තිත තෝරාගත් විට එම ස්ථානයේ ඇති ගුවන්විදුලි නාලිකාව ඔබට ඇසිය හැකියි.

ඔබට අවශ්‍යනම් තමන් කැමති ගුවන්විදුලි නාලිකාවක නම අනුව සෙවීම් කර ඊට සවන්දීමටත් හැකියාව තිබෙනවා. මෙය සැබැවින්ම ලෝක සන්නිවේදන තාක්ෂණයේ තවත් විශාල පෙරළියක් ලෙස හැඳින්විය හැකියි. ඔබේ නිවසේ සිට ලෝකයේ ඕනෑම ගුවන්විදුලියකට සවන් දෙන්න දැන් ඔබට හැකියි.

Related articles

Recent articles

error: Content is protected !!